ගීතාවලිය 65:2-5

ගීතාවලිය 65:2-5 SCV

යාච්ඤාවට සවන් දෙන තැනැත්තාණෝ ඔබ ය, එබැවින් ජීවත් වන සියලු ජනයා ඔබ වෙත පැමිණෙති. පාපය අප යටපත් කර ගත් කල, ඔබ, අපගේ අපරාධ පහ කළ සේක. ඔබගේ ගෘහ-මළුවෙහි වාසය කරන පිණිස, කැඳවාගෙන එන්නට ඔබ විසින් තෝරාගත් අය භාග්‍යවත් ය! ඔබගේ ශුද්ධ මාලිගාවේ, ඔබගේ ගෘහයේ යහ දෙයින් අපි පිරී සිටින්නෙමු. දමිටුකමේ භයංකර ක්‍රියා මගින් ඔබ අපට පිළිතුරු දෙන සේක, පොළොවේ සකල කෙළවරයන්හි ද ඈත සාගරයන්හි ද බලාපොරොත්තුව වූ දෙවියන්වහන්ස, අපේ ගැලවුම්කරුවාණන්වහන්ස.