ගීතාවලිය 63:1-9
ගීතාවලිය 63:1-9 SCV
අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය, ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. ඔබ ගැන මම පිපාසිත ව සිටිමි; දිය බිඳක් නොමැති වියළි, කාෂ්ට දේශයකදී මෙන් මගේ මුළු ගතම ඔබ ගැන ආශා වෙයි. ශුද්ධස්ථානය තුළදී මම ඔබ දැක ඇත්තෙමි, ඔබගේ බලයත්, තේජෝ මහිමයත් දෙස මම බලා සිටියෙමි. ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය, මගේ දෙතොලතරින් ඔබට ප්‍රශංසා කරමි. ජීවිතේ ඇති තුරා මම ඔබ පසසන්නෙමි, ඔබගේ නාමයෙන් මම මගේ අත් ඔසවන්නෙමි. රසමසවුලෙන් මෙන් මම තෘප්තියට පත් වන්නෙමි; ගී ගයන තොලින් යුතු ව, මා මුවින් ඔබට ප්‍රශංසා කරන්නෙමි. නිදි යහනේදී මම ඔබ සිහි කරන්නෙමි; රෑ තුන්යමේ මම ඔබ ගැන සිත සිතා ඉන්නෙමි. මන්ද මගේ උපකාරය ඔබවහන්සේ ය, ඔබගේ පියාපත් සෙවණේ හිඳ, මම ගී ගයන්නෙමි. මම ඔබට ඇලී ගැලී සිටින්නෙමි; ඔබගේ දකුණත මා උසුලා දරා සිටී. මගේ ජීවිතය නසන්නට මානබලන්නෝ විනාශයට පත් වන්නෝ ය; ඔවුන් පොළොවේ ගැඹුරට ම කිඳා යනු ඇත

