ගීතාවලිය 63:1-4
ගීතාවලිය 63:1-4 SCV
අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය, ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. ඔබ ගැන මම පිපාසිත ව සිටිමි; දිය බිඳක් නොමැති වියළි, කාෂ්ට දේශයකදී මෙන් මගේ මුළු ගතම ඔබ ගැන ආශා වෙයි. ශුද්ධස්ථානය තුළදී මම ඔබ දැක ඇත්තෙමි, ඔබගේ බලයත්, තේජෝ මහිමයත් දෙස මම බලා සිටියෙමි. ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය, මගේ දෙතොලතරින් ඔබට ප්‍රශංසා කරමි. ජීවිතේ ඇති තුරා මම ඔබ පසසන්නෙමි, ඔබගේ නාමයෙන් මම මගේ අත් ඔසවන්නෙමි.

