ගීතාවලිය 62:6-8

ගීතාවලිය 62:6-8 SCV

මගේ පර්වතය උන්වහන්සේ පමණක් ම ය, මගේ ගැලවීම ද උන්වහන්සේ පමණක් ම ය; උන්වහන්සේ මගේ බළකොටුව ය, එබැවින් මා සොලවනු නො හැක. මගේ ගැලවීමත්, මගේ තේජසත් රඳා ඇත්තේ දෙවියන්වහන්සේ මත ය; මගේ ප්‍රබල පර්වතයත්, මගේ සරණත් උන්වහන්සේ ම ය. එම්බා ජනයිනි, හැම කල් උන්වහන්සේ තුළ විශ්වාසය තබන්න; ඔබගේ හදවත් උන්වහන්සේ අබියස වගුරු වන්න, මන්ද, අපගේ සරණය දෙවියන්වහන්සේ ම ය. සෙලා