ගීතාවලිය 61:1-4
ගීතාවලිය 61:1-4 SCV
අසනු මැනව මගේ මොර ගැසීම, අහෝ දෙවියන්වහන්ස, සවන් යොමනු මැන මගේ යැදුමට. පොළෝ කෙළවරේ සිට මම ඔබට හඬ ගසමි; මහදේ දිරිය හීන වන කල, මම ඔබට හඬ ගසමි, මා විසින් නැගිය නො හැකි පර්වතය මතට මා ගෙන ගිය මැනව. මන්ද මෙතුවක් මගේ සරණය වූයේ ඔබ ම ය; මගේ සතුරා අබියස ඔබ මට සවි බළකොටුවකි. සදහට ඔබේ කූඩාරමේ වාසය කරන්නට ද ඔබේ පියාපත් සෙවණේ සරණය ලබන්නට ද මම දැඩි සේ ආශා වෙමි; සෙලා

