ගීතාවලිය 52

52
ගීතාවලිය 52
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ මස්කීල්#52:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි. “දාවිත්, අහිමෙලෙක්ගේ නිවසට ගියේ යැ” යි ඒදොම් ජාතික දෝවෙග් විසින් සාවුල් රජුට සැල කළ කල.
1එම්බා බලවත් මනුෂ්‍යය, නුඹේ දුෂ්ටකම ගැන උදාරම් වන්නේ මක්නිසාද?
දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ නීචයකු වූ නුඹ,
දවස මුළුල්ලේ උදාරම් වන්නේ මන්ද?
2රැවටිල්ල අභ්‍යාස කරන නුඹගේ දිව,
විනාශය සැලසුම් කරයි;
එය මුවහත් දැළි පිහියක් වැනි ය.
3නුඹ යහපතට වඩා දුෂ්ටකමට ඇලුම් කරයි;
ධර්මිෂ්ඨ වූ දේ කතා කිරීමට වඩා බොරුවට ඇලුම් කරයි. සෙලා
4එම්බා රැවටිලිකාරී දිව!
අනර්ථකාරී හැම වචනයකට ම නුඹ ඇලුම් කරයි.
5එහෙත් දෙවියන්වහන්සේ සදහට ම නුඹ බිඳ දමන සේක;
උන්වහන්සේ නුඹ අල්ලා, නුඹේ වාසස්ථානයෙන් නුඹ ඇද දමන සේක;
උන්වහන්සේ ජීවතුන්ගේ දේශයෙන් නුඹ උදුරා දමන සේක. සෙලා
6ධර්මිෂ්ඨයෝ ඒ දැක, බය ව,
ඒ මිනිසාට සිනාසෙමින්, මෙසේ කියන්නාහ:
7“මෙන්න මේ මිනිසා, මොහු,
දෙවියන්වහන්සේ තමාගේ බළකොටුව කර ගත්තේ නැත;
ඔහු තමාගේ මහ ධන සම්පත් මත විශ්වාසය තබමින්,
බලයෙන් වැඩුණේ අනුන් විනාශ කරමිනි.”
8එහෙත් මම, ඔලීව ගසක් මෙන්
දෙවියන්වහන්සේගේ ගෘහයෙහි වැජඹෙන්නෙමි;
මම සදාතනයෙන් සදාතනයට දෙවියන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය තුළ
විශ්වාසය තබන්නෙමි;
9ඔබ කළ ඒ දෑ නිසා, මම සදහට ම ඔබ පසසන්නෙමි;
ඔබගේ නාමය යහපත් නිසා,
ඔබගේ ශුද්ධවන්තයින් ඉදිරියෙහි
ඔබගේ නාමය තුළ මම බලාපොරොත්තු තබන්නෙමි.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 52: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න