ගීතාවලිය 50:1-10
ගීතාවලිය 50:1-10 SCV
දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, හිරු උදා වන තැන් සිට, හිරු බැස යන තැන් දක්වා මුළු පොළොවට කතා කරමින්, කැඳවන සේක. අලංකාරයෙන් පිරිපුන් සියොන් පුර සිට දෙවියන්වහන්සේ වැජඹෙන්නාහ. අපේ දෙවියන්වහන්සේ පැමිණෙන සේක, අවුත් නිහඬ ව නො සිටින සේක; උන්වහන්සේ අබිමුවේ ගිල දමන ගින්නකි, උන්වහන්සේ වටා වියරු චණ්ඩ මාරුතයකි. උන්වහන්සේ තම ජනයා විනිශ්චය කරන පිණිස, ඉහළ අහසටත්, පොළොවටත් හඬ ගසන සේක: “යාග පූජා මගින් මා හා ගිවිසුමක් කළ මගේ කැපවූවන් මා වෙත එක් රැස් කරන්න.” විනිශ්චයකරුවාණෝ දෙවියන්වහන්සේ ම බැවින් අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය ප්‍රකාශ කරයි. සෙලා “මේ අහන්න, එම්බා මගේ ජනයිනි, මම කතා කරන්නෙමි; එම්බා ඉශ්‍රායෙල්, මම ඔබට එරෙහිව සාක්ෂි දෙන්නෙමි: මම දෙවියන්වහන්සේ ය, ඔබගේ දෙවියන්වහන්සේ ය. මා ඔබට තරවටු කරන්නේ, නිති පතා මා ඉදිරියේ තබන ඔබගේ යාග පූජා හා ඔබගේ දවන යාග පූජා ගැන නො වේ. නුඹලාගේ ගාලෙන් ගවයකුවත්, නුඹලාගේ පට්ටිවලින් එළුවන්වත් මට ඕනෑ නැත. මහ වනයේ සිටින හැම සතකු ම මගේ ය. දහසක් කඳුවල සිටින ගව රංචු ද මගේ ය.

