ගීතාවලිය 48:1-8
ගීතාවලිය 48:1-8 SCV
අපේ දෙවියන්වහන්සේගේ පුරවරයෙහි, උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි, ස්වාමින්වහන්සේ අති උතුම් ය; ප්‍රශංසා ලැබීමට අතිශය සුදුස්සාණෝ ය. සාෆෝන් කන්දේ උස ම කඳු ගැටි බඳු වූ සියොන් කන්ද උදාරත්වයෙන් අලංකාර ය; මුළු පොළොවේ ප්‍රීතිය ය. මහ රජ්ජුරුවන්ගේ පුරවරය ය. දෙවියන්වහන්සේ එපුර මාලිගාවල සිටින සේක්, එහි බළකොටුව තමන්වහන්සේ ම වග පෙන්වා දුන් සේක. රජවරු, සේනා ඒකාබද්ධ කර, එකට එක් වී පෙරට ආ කල, ඒ වග දැක පුදුමයට පත් ව, භීතියෙන් යුතු ව පලා ගියහ. ප්‍රසූතියේදී කාන්තාවකගේ බඳු වේදනාවත්, කම්පනයත් ඔවුන් වෙළා ගත්තේ ය. පෙරදිග සැඩ සුළඟින් සිඳ-බිඳ දැමෙන තර්ෂිෂ්හි නෞකා මෙන් ඔබ ඔවුන් විනාශ කර දැමූ සේක. අප අසා තිබූ ලෙස ම සේනාංකාධිපති ස්වාමින්වහන්සේගේ නුවරදී, අපේ දෙවියන්වහන්සේගේ නුවරදී අපි දැක්කෙමු: දෙවියන්වහන්සේ සදහට ම එනුවර, සුරක්ෂිත කරන සේක. සෙලා

