ගීතාවලිය 47
47
ගීතාවලිය 47
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුත්‍රයන්ගෙනි. ගීතයකි.
1සියලු ජනයිනි, අත්පොළසන් දෙන්න;
ප්‍රීති ඝෝෂාවෙන්, දෙවියන්වහන්සේට ඔල්වරසන් දෙන්න.
2මහෝත්තම ස්වාමින්වහන්සේ කොතරම් භයංකර ද!
උන්වහන්සේ මුළු පොළොවට මහ රජ්ජුරුවෝ ය.
3උන්වහන්සේ ජාතීන් අපට යටත් කර දුන් සේක්,
ජනයා අපේ පයට යටත් කළ සේක.
4උන්වහන්සේ ප්‍රේම කරන, යාකොබ්ගේ උදාරත්වය වන
අපේ උරුමය උන්වහන්සේ අප උදෙසා තේරූ සේක. සෙලා
5දෙවියන්වහන්සේ ජය ගොස මැද්දේ ඉහළ නැගුණු සේක;
ස්වාමින්වහන්සේ හොරණෑ හඬ මැද්දේ ඉහළ නැගුණු සේක.
6පැසසුම් ගී ගයන්න; දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්න;
පැසසුම් ගී ගයන්න; අපගේ රජ්ජුරුවන්ට පැසසුම් ගී ගයන්න;
7මන්ද දෙවියන්වහන්සේ මුළු පොළොවට ම රජ්ජුරුවෝ ය.
උන්වහන්සේට පැසසුම් හඬ නගන්න.
8දෙවියන්වහන්සේ ජාතීන්ට ඉහළින් රජකම් කරන සේක;
දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයේ හිඳ සිටිනා සේක.
9ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේගේ ජනයා ලෙසින්
ජාතීන්ගේ අධිපතීහු එක් රොක් වෙති.
මන්ද පොළොවේ රජවරු අයිති දෙවියන්වහන්සේට ය;
උන්වහන්සේ අතිශයෙන් උත්තරීතර ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 47: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: