ගීතාවලිය 47:6-9
ගීතාවලිය 47:6-9 SCV
පැසසුම් ගී ගයන්න; දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්න; පැසසුම් ගී ගයන්න; අපගේ රජ්ජුරුවන්ට පැසසුම් ගී ගයන්න; මන්ද දෙවියන්වහන්සේ මුළු පොළොවට ම රජ්ජුරුවෝ ය. උන්වහන්සේට පැසසුම් හඬ නගන්න. දෙවියන්වහන්සේ ජාතීන්ට ඉහළින් රජකම් කරන සේක; දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධ සිංහාසනයේ හිඳ සිටිනා සේක. ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේගේ ජනයා ලෙසින් ජාතීන්ගේ අධිපතීහු එක් රොක් වෙති. මන්ද පොළොවේ රජවරු අයිති දෙවියන්වහන්සේට ය; උන්වහන්සේ අතිශයෙන් උත්තරීතර ය.

