ගීතාවලිය 44:1-5

ගීතාවලිය 44:1-5 SCV

අහෝ දෙවියන්වහන්ස, අපේ ම කන්වලින් අප අසා තිබේ; ඈත අතීත දවස්වල ඔවුන්ගේ කාලයේ ඔබ කළ ක්‍රියා ගැන, අපේ පියවරු අපට පවසා තිබේ. ඔබගේ හස්තයෙන් ජාතීන් පලවා හළ ඔබ, අපගේ පියවරුන් එහි පැලපදියම් කළ සේක. එම ජනයාට පීඩා කළ ඔබ, අප පියවරුන් නිදහස් කළ සේක. මන්ද ඔවුන් දේශය දිනා ගත්තේ, ඔවුන්ගේ ම අසිපත්වලින් නො වේ; ඔවුන් ගැලවුණේ ඔවුන්ගේ බාහුවෙන් නො වේ. ඔබගේ දකුණතිනි; ඔබගේ බාහුවෙනි; ඔබගේ මුහුණේ ආලෝකයෙනි; මන්ද ඔබ ඔවුන් ගැන ප්‍රමෝද වූ බැවිනි. ඔබ මගේ රජ්ජුරුවෝ ය; මගේ දෙවියන්වහන්සේ ය; යාකොබ් වංශයට ජය නියම කරන්නාණෝ ය. අප අපගේ සතුරන් පරදා යවන්නේ, ඔබගේ අනුහසිනි; අප අපගේ එදිරිවාදීන් පාගා දමන්නේ, ඔබගේ නාමයේ අනුහසිනි.