ගීතාවලිය 41:1-6

ගීතාවලිය 41:1-6 SCV

දුබලයින් සලකන්නා භාග්‍යවන්තයෙකි; විපත් අවස්ථාවන්ගෙන් ස්වාමින්වහන්සේ ඔහු ගලවන සේක. ස්වාමින්වහන්සේ ඔහු සුරකින සේක; ඔහුගේ ජීවිතය රකිනා සේක; ඔහු දේශයෙහි ආශිර්වාද ලද්දකු වන අතර උන්වහන්සේ සතුරන් අතට ඔහු හසු කරන්නේ නැත. ඔහුගේ ගිලන් යහනේදී ස්වාමින්වහන්සේ ඔහුට උපස්ථාන කරන සේක; ඔහුගේ රෝග තත්වයෙන් ඔබ ඔහු මුළුමනින් සුව කරන සේක. “අහෝ ස්වාමින්වහන්ස, මට දයා වුව මැනව, මා සුව කළ මැනව, මම ඔබට එරෙහිව පව් කර ඇත්තෙමි” යි මම යැදීමි. මගේ සතුරෝ මා ගැන ද්වේෂ සහගත ව, “මොහු මැරෙන්නේ කවදා ද? ඔහුගේ නම මැකී යන්නේ කවදා දැ?” යි අසති. කෙනකු මා බලන්නට ආ කල, ඉච්චාවෙන් කතා කරමින්, හද තුළ මා ගැන නරක ආරංචි රැස් කරයි; පසුව පිටත් ව ගොස්, තැන තැන ඒවා පතළ කරයි.