ගීතාවලිය 40:10-13
ගීතාවලිය 40:10-13 SCV
ඔබේ ගැලවීම මගේ හද තුළෙහි මා සැඟවූයේ නැත. ඔබේ විශ්වාසවන්තකමත්, ඔබේ ගැලවීමත් ගැන මම කතා කළෙමි. ඔබේ නොමියෙන ප්‍රේමයත්, ඔබේ විශ්වාසීකමත් මහා සභා රැස්වීමෙන් මා සැඟවූයේ නැත. ඔබත්, අහෝ ස්වාමින්වහන්ස, ඔබත්, ඔබගේ දයාව මා වෙතින් වළක්වන්නේ නැත. ඔබේ නොමියෙන ප්‍රේමයත්, ඔබේ විශ්වාසවන්තකමත් සදහට ම මා සුරකීවා! මන්ද මා වට කොට ඇති කරදර බාධක ගණන් නැති තරම් ය, මගේ පාප, මා යට කර දමා ඇත්තේ, මට ඉදිරිය නො පෙනෙන ලෙසට ම ය. ඒවා මගේ හිසේ කෙස්වලටත් වඩා වැඩි ය. මගේ හදේ ධෛර්යය සිඳී ගොසිනි. සතුටු වුව මැනව මා ගලවන්නට ස්වාමින්වහන්ස, කඩිනමින් ආ මැනව මගේ උපකාරයට, ස්වාමින්වහන්ස.

