ගීතාවලිය 4:6-8

ගීතාවලිය 4:6-8 SCV

“අපට සෙත සලසන්නේ කවුරුන් දැ?” යි බොහෝ දෙනා අසති. ඔබේ මුව මඬලේ ආලෝකය, අප පිට බබළවන්න අහෝ ස්වාමින්වහන්ස. ඔබ, මා හද පුරවාලූ ඉමහත් සතුට, තම ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද සරු සාර ව ලැබූ කල, ඔවුන් ලබන සතුට ඉක්මවාලන සතුටකි. සාමයෙන් වැතිර මම නිදි සුව ලබමි. මන්ද, සුරැකි ව වෙසෙනට මට සැලසුවේ, ඔබ පමණක් ම ය, අහෝ ස්වාමින්වහන්ස.