පිළිතුරු දුන මැනවි මා හඬ ගසන කල, අහෝ මගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස. මගේ විපතේදී මට සරණ වී, මට දයාව පා, මගේ යැදුම අසනු මැනේ. එම්බා මිනිසුනේ, තව කොපමණ කල් නුඹලා මගේ කීර්ති මහිමය නින්දාවට හරවා ද? තව කොපමණ කල් මායාවට ආලය වී, බොරුව සොයා හඹා යා ද? සෙලා ස්වාමින්වහන්සේ තමන්ට ධාර්මිකයා වෙන් කර ගත් වග දැනගන්න. මා, ස්වාමින්වහන්සේට හඬ ගසන කල, උන්වහන්සේ එය අසන්නාහ. කෝප වූවත්, පව් නො කරන්න; නිදි යහනේදී ඔබේ ම හද සමඟ කතා කර, නිහඬ ව සිටින්න. සෙලා ධර්මිෂ්ඨකමේ යාග පූජා පුදන්න; ඔබේ විශ්වාසය, ස්වාමින්වහන්සේ තුළ තබන්න. “අපට සෙත සලසන්නේ කවුරුන් දැ?” යි බොහෝ දෙනා අසති. ඔබේ මුව මඬලේ ආලෝකය, අප පිට බබළවන්න අහෝ ස්වාමින්වහන්ස. ඔබ, මා හද පුරවාලූ ඉමහත් සතුට, තම ධාන්‍ය ද අලුත් මිදි යුෂ ද සරු සාර ව ලැබූ කල, ඔවුන් ලබන සතුට ඉක්මවාලන සතුටකි. සාමයෙන් වැතිර මම නිදි සුව ලබමි. මන්ද, සුරැකි ව වෙසෙනට මට සැලසුවේ, ඔබ පමණක් ම ය, අහෝ ස්වාමින්වහන්ස.
ගීතාවලිය 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 4:1-8
3 Days
Struggling to experience calm amid chaos? Discover renewed peace through praying the Psalms. Experience a fresh dose of solace and strength alongside a perspective shift. In this three-day plan, you'll find 3 simple steps to enjoy more peace in your life.
5 Days
Lisa Stringer shares her thoughts, prayers, and advice for those battling cancer and other issues that can either be a roadblock in a Christian’s walk of faith or a ladder that can help one climb ever higher.
How is your family preparing for Easter? Through this short and sweet devotional (especially helpful if you’re teaching little ones with short attention spans), Scott James brings to light the many things that Christ’s life and resurrection means for us not only through the season of Lent, but all year long.
Journey into the Psalms in a whole new way with these free-verse poetic renderings of Psalms 1-5.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ