ගීතාවලිය 39:1-4
ගීතාවලිය 39:1-4 SCV
මම මෙසේ කියා ගතිමි: “මම මගේ මාර්ග ගැන පරෙස්සම් වන්නෙමි; මගේ දිව පව් කිරීමෙන්, වළකා ගන්නෙමි. අදමිටුවන් මා ඉදිරියේ සිටින තාක්, කටකලියාවක් දැමුවා සේ කට පියාගන්නෙමි.” එහෙත් වචනයකුදු කතා නො කොට, යහපත ගැන පවා මා නිශ්ශබ්ද ව සිටි කල, මා තුළ සංවේගය මෝරා වැඩිණ. මගේ හදවත මා තුළ ඇවිළෙන්නට විය; කල්පනා කරත් ම, හද ගිනි දැල්විණ; එබැවින් මම කතා කරන්නට වන්නෙමි. අහෝ ස්වාමින්වහන්ස, මගේ අවසානය හා මගේ ජීවිතයේ දවස් ගණන කවරේදැයි මා දැනුවත් කළ මැනව. මගේ දිවි කොතරම් ඉක්මනින් ගෙවී යාදැයි මට දැනගන්නට සැලසුව මැනව.

