ගීතාවලිය 35:11-18

ගීතාවලිය 35:11-18 SCV

ද්වේෂ සහගත සාක්ෂිකරුවෝ ඉදිරියට පැමිණ, හාංකවිසියක් මා නො දන්නා දෑ ගැන මගෙන් හරස් ප්‍රශ්න අසති. කළ හොඳට ඔවුන් මට සලකන්නේ නො හොඳිනි; එසේ මගේ ජීවිතය අනාථවන්නට හැර ඇත. එහෙත්, ඔවුන් රෝගී වූ කල, මම ඔවුන් නිසා ගෝණි රෙදි හැඳ, නිරාහාර ව උපවාස කළෙමි; මගේ යැදුම් නො පිළිගැනී හැරී ආ කල, මගේ මිතුරකු හෝ සහෝදරයකු පරිදි මම ශෝක වුණෙමි; මගේ මව උදෙසා වැලපෙන්නා සේ මම හිස බිම ඔබා ශෝක වුණෙමි. එහෙත් මගේ පය පැකිළී ගිය කල, ඔවුහු එක් රොක් වූහ; උද්දාමයෙන් එක් රොක් වූහ; පහරදෙන්නෝ, අනපේක්ෂිත ව කඩාවැදුණෝ නො නවතින අවලාද එල්ල කළෝ ය. අභක්තිකයින් සේ ඔවුහු නිර්දය ලෙස මට සමච්චල් කළහ; ද්වේෂයෙන් යුතු ව දත්මිටි කෑහ. අහෝ සමිඳුනි, තව කොපමණ කලක් ඔබ නිකම් බලා සිටින සේක් ද? ඔවුන්ගේ කෲරකම්වලින් මා ගැලෙවුව මැනව. මගේ වටිනා ජීවිතය මේ සිංහයින්ගෙන් ගැලෙවුව මැනව. මහා එක්රැස්වීමේදී මම ඔබට, ස්තුති කරන්නෙමි. ප්‍රශංසා කරන්නෙමි මම බොහෝ ජනයා අතරේදී ඔබට.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 35:11-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය