ගීතාවලිය 34:17-19
ගීතාවලිය 34:17-19 SCV
දමිටුන් හඬ ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔවුනට සවන් දෙන සේක; ඔවුන්ගේ සියලු විපත්වලින් උන්වහන්සේ ඔවුන් මුදන සේක. බිඳුණු හදක් ඇත්තවුනට ස්වාමින්වහන්සේ ළං ව සිටින සේක; මිරිකා පොඩිකරනු ලැබූ ආත්මයක් ඇත්තන් ගලවන සේක. දමිටු කෙනකුට කරදර-විපත් කොතෙක් තිබුණ ද, ස්වාමින්වහන්සේ ඒ හැමකකින් ම ඔහු ගලවන සේක.









