ගීතාවලිය 34:1-4

ගීතාවලිය 34:1-4 SCV

හැම කල්හි මම, ස්වාමින්වහන්සේ පසසන්නෙමි. උන්වහන්සේට කරන ප්‍රශංසාව, හැමදා මගේ දෙතොලතර තියේ. උදම් අනන්නෙමි මම ස්වාමින්වහන්සේ තුළ; පීඩිතයෝ ඒ අසා ප්‍රීති ප්‍රමෝද වෙත්වා! එන්න, මා සමඟ ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න; අපි එක් ව උන්වහන්සේගේ නාමය උසස් කරමු. මම ස්වාමින්වහන්සේ සෙවීමි; උන්වහන්සේ මට පිළිතුරු දුන් සේක්; මගේ සියලු බයින් මා මිදූ සේක.