ගීතාවලිය 34:1-3
ගීතාවලිය 34:1-3 SCV
හැම කල්හි මම, ස්වාමින්වහන්සේ පසසන්නෙමි. උන්වහන්සේට කරන ප්‍රශංසාව, හැමදා මගේ දෙතොලතර තියේ. උදම් අනන්නෙමි මම ස්වාමින්වහන්සේ තුළ; පීඩිතයෝ ඒ අසා ප්‍රීති ප්‍රමෝද වෙත්වා! එන්න, මා සමඟ ස්වාමින්වහන්සේ වර්ණනා කරන්න; අපි එක් ව උන්වහන්සේගේ නාමය උසස් කරමු.

