ගීතාවලිය 31:21-22

ගීතාවලිය 31:21-22 SCV

ස්වාමින්වහන්සේට පැසසුම් වේවා! මන්ද සතුරන් වැටලූ නගරයක් තුළදී ද උන්වහන්සේගේ ඒ අපූර්ව ප්‍රේමය උන්වහන්සේ මට පෑ සේක. “ඔබ ඉදිරියෙන් මම පන්නා දමනු ලැබීමි” යි තැති ගත් විටෙක මම කෑ ගැසීමි. එහෙත්, උපකාර පතා මා ඔබට හඬ ගෑ කල, දයාව පතා මා ඔබට මොර ගැසූ කල, ඔබ මට සවන් දුන් සේක.