ගීතාවලිය 31:2-6

ගීතාවලිය 31:2-6 SCV

යොමනු මැනවි ඔබේ සවන මා වෙත, ඉක්මන් වුව මැනවි මා බේරා ගන්නට; මා ගලවා ගන්නට සවිමත් බළකොටුවක්, සරණයේ පර්වතය වුව මැනව මට. ඔබ ම ය මගේ පර්වතයත්, මගේ බළකොටුවත්; ඔබගේ නාමයේ ගෞරවය උදෙසා, මට පෙරටුව ගිය මැනව; මට මගපෙන්වුව මැනව. සඟවා මට එළන ලද දැලෙන් මා ඉවතට ගනු මැනව. මන්ද, ඔබ ය, මගේ සරණ ය. බාර දෙමි මම, ඔබගේ දෝතට මගේ ආත්මය; ඔබ මා මුදා ගෙන ඇත, අහෝ ස්වාමින්වහන්ස, විශ්වසනීය දෙවියන්වහන්ස. කමකට නැති පිළිම රූප නමදින්නන්ට මම ද්වේෂ කරන්නෙමි. එහෙත් මම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නෙමි.