ගීතාවලිය 30
30
ගීතාවලිය 30
ගීතයකි. දේව මාලිගාව#30:0 හෝ මාලිගාව කැප කිරීමේ ගීයකි; දාවිත්ගෙනි.
1මම මහ ඉහළින් ඔබ පසසන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස,
මන්ද ගැඹුරේ සිට ඔබ උඩට මා ඇදගත් බැවිනි;
මගේ වැටීමේදී සතුරනට මා ගැන උදම් වීමට ඔබ ඉඩ නො තැබූ බැවිනි.
2අහෝ මගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්ස, පිහිට පතා මම ඔබ අබියස හඬා වැටුණෙමි;
ඔබ මා සුවපත් කළ සේක.
3අහෝ ස්වාමින්වහන්ස, ඔබ මගේ ජීවය ෂෙයෝලයෙන්#30:3 පාතාලයෙන් හෙවත් මළවුන්ගේ ස්ථානයෙන් ගොඩ ගත් සේක;
වළ පල්ලට බැස ගියවුන් වෙතින් ඔබ මා ජීවනයට යළි ගෙනා සේක.
4 ස්වාමින්වහන්සේට පැසසුම් ගී ගයන්න, උන්වහන්සේගේ ශුද්ධවන්තයිනි,
උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ස්තුති පුදන්න.
5මන්ද, සුළු මොහොතකට පමණි උන්වහන්සේගේ කෝපය,
එහෙත් දිවි හිමි තුරාවට ය, උන්වහන්සේගේ ආදර කරුණාව;
පුරා රැයක් කඳුළු සැලීමෙන්, ගෙවී යා හැකි නමුදු,
උදෑසන ම ප්‍රීතිය උදා වෙයි.
6සුරක්ෂිත වග හැඟුණු කල,
“කිසි කල මා සොලවන කෙනකු නැතැ” යි කීවෙමි.
7අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ආදර කරුණාව,
අචල කන්දක් සේ මා ස්ථාපිත කළේ ය.
එහෙත් ඔබ, ඔබගේ මුහුණ සඟවා ගත් කල,
මම කැලඹීමට පත් වුණෙමි.
8ඔබට ය, අහෝ ස්වාමින්වහන්ස, මා හඬ ගැසුවේ;
ස්වාමින්වහන්සේට ය, මා දයාව ඉල්ලා කන්නලව් කළේ.
9මා වළ පල්ලට යන කල
මගේ මරණයෙන් කුමන සෙතක් වේ ද?
දූවිල්ල ඔබට ප්‍රශංසා කරයි ද?
ඔබගේ විශ්වාසවන්තකම ප්‍රකාශ කරයි ද?
10ඇසුව මැනව අහෝ ස්වාමින්වහන්ස, මට දයා කළ මැනව;
මගේ උපකාරකරුවාණන් වුව මැනව අහෝ ස්වාමින්වහන්ස.
11ඔබ, මගේ වැලපීම, ප්‍රීති නැටුමකට හැරවූ සේක;
මා හැඳි ගෝණි රෙදි ඉවත් කර, ප්‍රීතිය මට හැඳ වූ සේක.
12එසේ කළේ, නිහඬ ව නො සිට, මා ඔබට පැසසුම් ගී ගයන පිණිස ය;
අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, සදහට ම, මම ඔබට ස්තුති කරන්නෙමි.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 30: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: