ගීතාවලිය 30:8-12
ගීතාවලිය 30:8-12 SCV
ඔබට ය, අහෝ ස්වාමින්වහන්ස, මා හඬ ගැසුවේ; ස්වාමින්වහන්සේට ය, මා දයාව ඉල්ලා කන්නලව් කළේ. මා වළ පල්ලට යන කල මගේ මරණයෙන් කුමන සෙතක් වේ ද? දූවිල්ල ඔබට ප්‍රශංසා කරයි ද? ඔබගේ විශ්වාසවන්තකම ප්‍රකාශ කරයි ද? ඇසුව මැනව අහෝ ස්වාමින්වහන්ස, මට දයා කළ මැනව; මගේ උපකාරකරුවාණන් වුව මැනව අහෝ ස්වාමින්වහන්ස. ඔබ, මගේ වැලපීම, ප්‍රීති නැටුමකට හැරවූ සේක; මා හැඳි ගෝණි රෙදි ඉවත් කර, ප්‍රීතිය මට හැඳ වූ සේක. එසේ කළේ, නිහඬ ව නො සිට, මා ඔබට පැසසුම් ගී ගයන පිණිස ය; අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, සදහට ම, මම ඔබට ස්තුති කරන්නෙමි.


