ගීතාවලිය 30:1-5

ගීතාවලිය 30:1-5 SCV

මම මහ ඉහළින් ඔබ පසසන්නෙමි, අහෝ ස්වාමින්වහන්ස, මන්ද ගැඹුරේ සිට ඔබ උඩට මා ඇදගත් බැවිනි; මගේ වැටීමේදී සතුරනට මා ගැන උදම් වීමට ඔබ ඉඩ නො තැබූ බැවිනි. අහෝ මගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්ස, පිහිට පතා මම ඔබ අබියස හඬා වැටුණෙමි; ඔබ මා සුවපත් කළ සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබ මගේ ජීවය ෂෙයෝලයෙන් ගොඩ ගත් සේක; වළ පල්ලට බැස ගියවුන් වෙතින් ඔබ මා ජීවනයට යළි ගෙනා සේක. ස්වාමින්වහන්සේට පැසසුම් ගී ගයන්න, උන්වහන්සේගේ ශුද්ධවන්තයිනි, උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ස්තුති පුදන්න. මන්ද, සුළු මොහොතකට පමණි උන්වහන්සේගේ කෝපය, එහෙත් දිවි හිමි තුරාවට ය, උන්වහන්සේගේ ආදර කරුණාව; පුරා රැයක් කඳුළු සැලීමෙන්, ගෙවී යා හැකි නමුදු, උදෑසන ම ප්‍රීතිය උදා වෙයි.

ගීතාවලිය 30:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය