ගීතාවලිය 29:2-10

ගීතාවලිය 29:2-10 SCV

උන්වහන්සේගේ නාමයට හිමි මහිමය ස්වාමින්වහන්සේට දෙව්! උන්වහන්සේගේ ශුද්ධත්වයේ අලංකාරයෙන් ස්වාමින්වහන්සේ නමදිනු! ස්වාමින්වහන්සේගේ කටහඬ සාගර ජලයට ඉහළින් වෙයි; තේජෝ මහිමයේ දෙවියන්වහන්සේ ගර්ජනා කරන්නාහ. ස්වාමින්වහන්සේ මහා ජලයට ඉහළින් ගර්ජනා කරන්නාහ. ස්වාමින්වහන්සේගේ කටහඬ බලයෙන් යුක්ත ය; ස්වාමින්වහන්සේගේ කටහඬ මහානුභාසම්පන්න ය. ස්වාමින්වහන්සේගේ කටහඬ දේවදාර ගස් බිඳ හෙළයි; ස්වාමින්වහන්සේ ලෙබනොන්හි දේවදාර ගස් කැබලි කර දමන්නාහ. ලෙබනොන් කඳු, වසු පැටවකු සේ ද සිරියොන් කන්ද, වල් හරකකු සේ ද පැන, පැන යන්නට සලසන්නේ උන්වහන්සේ ය. ස්වාමින්වහන්සේගේ කටහඬ, විදුලි ධාරා පැන නංවයි. ස්වාමින්වහන්සේගේ කටහඬ කාන්තාරය සලිත කරවයි; ස්වාමින්වහන්සේ කාදෙෂ් කාන්තාරය සලිත කරන්නාහ. ස්වාමින්වහන්සේගේ කටහඬ මුව දෙනුන් ප්‍රසවය කරවයි. වනාන්තරය නිරාවරණ මුඩු බිමක් කරයි. උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ලෝ, “මහිමය වේවා!” යි මොර දෙති. ජලගැල්මට ඉහළින් ස්වාමින්වහන්සේ සිංහාසනාරූඪ ව සිටින සේක; ස්වාමින්වහන්සේ සදාතනික රජ්ජුරුවන් ව සිහසුන් පත් ව සිටින්නාහ.

ගීතාවලිය 29:2-10 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 29:2-10 - උන්වහන්සේගේ නාමයට හිමි මහිමය ස්වාමින්වහන්සේට දෙව්!
උන්වහන්සේගේ ශුද්ධත්වයේ අලංකාරයෙන් ස්වාමින්වහන්සේ නමදිනු!

ස්වාමින්වහන්සේගේ කටහඬ සාගර ජලයට ඉහළින් වෙයි;
තේජෝ මහිමයේ දෙවියන්වහන්සේ ගර්ජනා කරන්නාහ.
ස්වාමින්වහන්සේ මහා ජලයට ඉහළින් ගර්ජනා කරන්නාහ.
ස්වාමින්වහන්සේගේ කටහඬ බලයෙන් යුක්ත ය;
ස්වාමින්වහන්සේගේ කටහඬ මහානුභාසම්පන්න ය.
ස්වාමින්වහන්සේගේ කටහඬ දේවදාර ගස් බිඳ හෙළයි;
ස්වාමින්වහන්සේ ලෙබනොන්හි දේවදාර ගස් කැබලි කර දමන්නාහ.
ලෙබනොන් කඳු, වසු පැටවකු සේ ද සිරියොන් කන්ද, වල් හරකකු සේ ද
පැන, පැන යන්නට සලසන්නේ උන්වහන්සේ ය.
ස්වාමින්වහන්සේගේ කටහඬ,
විදුලි ධාරා පැන නංවයි.
ස්වාමින්වහන්සේගේ කටහඬ කාන්තාරය සලිත කරවයි;
ස්වාමින්වහන්සේ කාදෙෂ් කාන්තාරය සලිත කරන්නාහ.
ස්වාමින්වහන්සේගේ කටහඬ මුව දෙනුන් ප්‍රසවය කරවයි.
වනාන්තරය නිරාවරණ මුඩු බිමක් කරයි.
උන්වහන්සේගේ මාලිගාවෙහි සියල්ලෝ, “මහිමය වේවා!” යි
මොර දෙති.

ජලගැල්මට ඉහළින් ස්වාමින්වහන්සේ සිංහාසනාරූඪ ව සිටින සේක;
ස්වාමින්වහන්සේ සදාතනික රජ්ජුරුවන් ව සිහසුන් පත් ව සිටින්නාහ.