ගීතාවලිය 27:7-14

ගීතාවලිය 27:7-14 SCV

මා හඬ ගසනා කල, මට සවන් දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස, මට දයානුකම්පා වී, මට උත්තර දුන මැනව. ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය; ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි. මා වෙතින් ඔබේ මුහුණ නො සැඟවුව මැනව; කෝපයෙන් ඔබේ මෙහෙකරුවා පලවා නො හැරිය මැනව; කවදත් මගේ උපකාරයට සිටියේ ඔබ ය. මා බැහැර නො කළ මැනව, මා අතහැර නො දැමුව මැනව, මගේ ගැලවුම්කාර දෙවියන්වහන්ස. මගේ මවත්, පියාත් මා අත්හැර දමන්නේ වුව ද, ස්වාමින්වහන්සේ මා පිළිගන්නා සේක. ඔබේ මාර්ගය මට ඉගැන්වුව මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ සතුරන් නිසා, සමතලා මාවතක මා ගෙන ගිය මැනව. මගේ එදිරිවාදීන්ගේ කැමැත්තට මා අත්හැර නො දමනු මැනව; මන්ද බොරු සාක්ෂිකරුවෝ හා කෲර ලෙස තර්ජන කරන්නෝ මට එරෙහිව නැගී සිටින්නෝ ය. ජීවතුන්ගේ දේශයේදී ස්වාමින්වහන්සේගේ යහපත්භාවය මා අත්දකින වග මට සහතික ය. ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්න; ශක්තිමත් වන්න: ධෛර්යවත් වන්න; ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්න.

ගීතාවලිය 27:7-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය