ස්වාමින්වහන්සේට භය පක්ෂපාත අයට උන්වහන්සේ විශ්වාසී ව, තම රහස් පවසන සේක; උන්වහන්සේ තම ගිවිසුම ඔවුන්ට දැනගන්නට සලසන සේක. මගේ ඇස් හැම විට ස්වාමින්වහන්සේ දෙස ය. මන්ද, උගුල්වලින් මගේ පා මුදා හරින්නේ උන්වහන්සේ පමණි. මා වෙත හැරුන මැනව; මට දයා වුව මැනව, මන්ද මම තනි වී, පීඩාවෙන් යුතු ව සිටිමි. මගේ හද සන්තාපය පඳුරු දමා ඇත. මගේ ශෝකයෙන් මා මුදා ගත මැනව. මගේ පීඩා හා මගේ කරදර දෙස බැලුව මැනව, මගේ පාප සියල්ල කමා කළ මැනව. බලන්න! මට සතුරන් කොයි තරම් ද! ඔවුහු කොතරම් සැහැසි ව මට වෛර කරත් දැයි බලනු මැනව. මගේ දිවිය රැකවල් ලා, මා මුදනු මැනව; ලජ්ජා වන්නට මට ඉඩ නො තැබුව මැනව; මන්ද, මම ඔබ තුළ සරණය ලබමි. පූර්ණ අවංකත්වයත්, සෘජු භාවයත්, මට රැකවරණය සලසාවා! මන්ද, මගේ බලාපොරොත්තුව ඔබ වෙත ය.
ගීතාවලිය 25 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 25:14-21
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ