ගීතාවලිය 23:1-3
ගීතාවලිය 23:1-3 SCV
ස්වාමින්වහන්සේ මගේ එඬේරාණෝ ය; මට හිඟයක් නො වන්නේ ය. උන්වහන්සේ නිල් තණ බිම්වල මට ලගින්නට සලස්වන සේක. උන්වහන්සේ නිසල දිය අසලට මා ගෙන යන සේක. උන්වහන්සේ මගේ ජීවය, යළි ප්‍රාණවත් කරන සේක. ස්වකීය නාමයේ ගෞරවය උදෙසා දමිටුකමේ මාවත්වල මා ගෙන යන සේක.











