ගීතාවලිය 22:1-6

ගීතාවලිය 22:1-6 SCV

මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද? මට උපකාර නො කර, ඔතරම් ඈත් ව සිටින්නේ මන්ද? මගේ මොර ගැසීමේ වදනට සවන් නො දී සිටින්නේ මන්ද? අහෝ මගේ දෙවියන්වහන්ස, දහවලේ මම මොර ගසමි; එහෙත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. රාත්‍රියේ ද මම මොර ගසමි; එහෙත් කිසි සැනසිල්ලක් නැත. එහෙත් ඔබ ශුද්ධ තැනැන්වහන්සේ ය, ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ සිංහාසනාරූඪ තැනැන්වහන්සේ ය. අපගේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ තුළ ය; ඔවුහු ඔබ විශ්වාස කළහ; ඔබ ඔවුන් මිදූ සේක. ඔවුහු ඔබවහන්සේට මොර ගැසුවෝ, ගලවනු ලැබුවෝ ය; ඔබවහන්සේ වෙත විශ්වාසය තැබූ ඔවුන් ලජ්ජාවට පත් වූයේ නැත. එහෙත් මම මිනිසකු නො ව පණුවෙක්මි; මිනිසුන් විසින් අවමන් කරනු ලද්දෙක්මි; ජනයා විසින් නීච කරනු ලැබූවෙක්මි.

ගීතාවලිය 22:1-6 බයිබල් පදය සහිත රූපය

ගීතාවලිය 22:1-6 - මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?
මට උපකාර නො කර, ඔතරම් ඈත් ව සිටින්නේ මන්ද?
මගේ මොර ගැසීමේ වදනට සවන් නො දී සිටින්නේ මන්ද?
අහෝ මගේ දෙවියන්වහන්ස, දහවලේ මම මොර ගසමි; එහෙත් ඔබ පිළිතුරු දෙන්නේ නැත.
රාත්‍රියේ ද මම මොර ගසමි; එහෙත් කිසි සැනසිල්ලක් නැත.

එහෙත් ඔබ ශුද්ධ තැනැන්වහන්සේ ය,
ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ සිංහාසනාරූඪ තැනැන්වහන්සේ ය.
අපගේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ තුළ ය;
ඔවුහු ඔබ විශ්වාස කළහ; ඔබ ඔවුන් මිදූ සේක.
ඔවුහු ඔබවහන්සේට මොර ගැසුවෝ, ගලවනු ලැබුවෝ ය;
ඔබවහන්සේ වෙත විශ්වාසය තැබූ ඔවුන් ලජ්ජාවට පත් වූයේ නැත.

එහෙත් මම මිනිසකු නො ව පණුවෙක්මි;
මිනිසුන් විසින් අවමන් කරනු ලද්දෙක්මි; ජනයා විසින් නීච කරනු ලැබූවෙක්මි.