ගීතාවලිය 22:1-5

ගීතාවලිය 22:1-5 SCV

මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද? මට උපකාර නො කර, ඔතරම් ඈත් ව සිටින්නේ මන්ද? මගේ මොර ගැසීමේ වදනට සවන් නො දී සිටින්නේ මන්ද? අහෝ මගේ දෙවියන්වහන්ස, දහවලේ මම මොර ගසමි; එහෙත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. රාත්‍රියේ ද මම මොර ගසමි; එහෙත් කිසි සැනසිල්ලක් නැත. එහෙත් ඔබ ශුද්ධ තැනැන්වහන්සේ ය, ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසාව මධ්‍යයේ සිංහාසනාරූඪ තැනැන්වහන්සේ ය. අපගේ පියවරුන් විශ්වාසය තැබුවේ ඔබ තුළ ය; ඔවුහු ඔබ විශ්වාස කළහ; ඔබ ඔවුන් මිදූ සේක. ඔවුහු ඔබවහන්සේට මොර ගැසුවෝ, ගලවනු ලැබුවෝ ය; ඔබවහන්සේ වෙත විශ්වාසය තැබූ ඔවුන් ලජ්ජාවට පත් වූයේ නැත.