ගීතාවලිය 21:8-13

ගීතාවලිය 21:8-13 SCV

ඔබේ හස්තය, ඔබේ සියලු සතුරන් සොයා අල්ලා ගනු ඇත; ඔබේ දකුණත, ඔබේ එදිරිවාදීන් ග්‍රහණයට ගනු ඇත. ඔබ පෙනී සිටින කල ඔබ ඔවුන් ඇවිළෙන ගිනි උදුනක් සේ කරනු ඇත; ස්වකීය උදහසේදී ස්වාමින්වහන්සේ ඔවුන් ගිල දමනු ඇත. ගින්න, ඔවුන් ගිල දමනු ඇත. ඔබ ඔවුන්ගෙන් පැවතෙන්නන්, මහ පොළොව වෙතින් ද ඔවුන්ගේ අනාගත පරපුර, මිනිස් සංහතිය වෙතින් ද විනාශ කර දමනු ඇත. ඔවුන් ඔබට එරෙහිව දුෂ්ට කුමන්ත්‍රණ කළ ද, නපුරු උපා ප්‍රයෝග යෙදුව ද, ඒවා සඵල නො වේ. ඔබ ඔවුන් පිටුපා පලා යන්නට සලස්වන සේක; ඔබගේ දුනු-දිය ඇද, ඔවුන්ගේ මුහුණු වෙත එල්ල කරන සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ශක්තියෙහි උසස් වුව මැනව; ඔබගේ ප්‍රබලත්වය ගැන අපි ගී ගයන්නෙමු; ප්‍රශංසා කරන්නෙමු.

මෙයට අදාළ වීඩියෝ