ගීතාවලිය 21:1-5
ගීතාවලිය 21:1-5 SCV
අහෝ ස්වාමින්වහන්ස, රජු, ඔබ දුන් ශක්තිය ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි. ඔබ දෙන ජයග්‍රහණ නිසා, ඔහුගේ ප්‍රීතිය කොතරම් මහත් ද! ඔහුගේ හද අභිලාෂය, ඔබ ඉටු කර දුන් සේක; ඔහුගේ මුවින් කළ ඉල්ලීම, ඔබ පැහැර නො හැරිය සේක. සෙලා අනර්ඝ ආශිර්වාද රැගෙන, ඔබ ඔහු පිළිගත් සේක්, ඔහුගේ හිස මත දඹ රන් කිරුළක් පැලඳූ සේක. ඔහු ඔබගෙන් ජීවනය ඉල්ලී ය; ඔබ ඔහුට සදාතනික දිගායු දුන් සේක. ඔබ දුන් ජයග්‍රහණ තුළින් ඔහු ලද කීර්ති මහිමය ඉමහත් ය. ඔබ ඔහුට ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් ප්‍රදාන කළ සේක.

