ගීතාවලිය 20:1-9

ගීතාවලිය 20:1-9 SCV

විපත් අවස්ථාවන්හි ස්වාමින්වහන්සේ ඔබට පිළිතුරු දෙන සේක්වා! යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ ආරක්ෂා කරනු ලැබේවා! උන්වහන්සේ ශුද්ධස්ථානයේ සිට ඔබට උපකාර එවන සේක්වා! සියොනෙහි සිට ඔබට ආධාර කරන සේක්වා! උන්වහන්සේ ඔබේ හැම පුද-පූජාවක් ම සිහි කරන සේක්වා! ඔබගේ දවන යාග පූජා පිළිගන්නා සේක්වා! සෙලා උන්වහන්සේ ඔබේ හද අභිලාෂය ඉටු කර දෙන සේක්වා! ඔබේ සැලසුම් සියල්ල සඵල කරන සේක්වා! ඔබ ජය ගත් කල්හි, අපි ප්‍රීති ඝෝෂා නගන්නෙමු; අපේ දෙවියන්වහන්සේගේ නාමයෙන් අපේ ධජ ඔසවන්නෙමු. ස්වාමින්වහන්සේ ඔබේ සියලු ඉල්ලීම් සඵල කර දෙන සේක්වා! එබැවින් දැන් මම දනිමි: ස්වාමින්වහන්සේ ස්වකීය අභිෂේක ලද්දාණන් ගලවන සේක. ගැලවීමේ බලය තම දකුණතේ දරාගෙන, තම ශුද්ධ ස්වර්ගයේ සිට, උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙන සේක. ඇතැම්හු යුද්ධ රථ ගැන ද ඇතැම්හු අශ්වයින් ගැන ද විශ්වාසය තබති. එහෙත් අපි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය තුළ විශ්වාසය තබන්නෙමු. ඔවුන් ඇද වැටී, පරාජය වනු ඇත. එහෙත් අපි නැගී සිටිමින්, ජය ගන්නෙමු. අහෝ ස්වාමින්වහන්ස, රජතුමාට ජය දුන මැනවි! හඬ ගසන කල, අපට පිළිතුරු දුන මැනවි!

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 20:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය