ගීතාවලිය 20:1-5

ගීතාවලිය 20:1-5 SCV

විපත් අවස්ථාවන්හි ස්වාමින්වහන්සේ ඔබට පිළිතුරු දෙන සේක්වා! යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ ආරක්ෂා කරනු ලැබේවා! උන්වහන්සේ ශුද්ධස්ථානයේ සිට ඔබට උපකාර එවන සේක්වා! සියොනෙහි සිට ඔබට ආධාර කරන සේක්වා! උන්වහන්සේ ඔබේ හැම පුද-පූජාවක් ම සිහි කරන සේක්වා! ඔබගේ දවන යාග පූජා පිළිගන්නා සේක්වා! සෙලා උන්වහන්සේ ඔබේ හද අභිලාෂය ඉටු කර දෙන සේක්වා! ඔබේ සැලසුම් සියල්ල සඵල කරන සේක්වා! ඔබ ජය ගත් කල්හි, අපි ප්‍රීති ඝෝෂා නගන්නෙමු; අපේ දෙවියන්වහන්සේගේ නාමයෙන් අපේ ධජ ඔසවන්නෙමු.