ගීතාවලිය 19:12-14

ගීතාවලිය 19:12-14 SCV

තමාගේ ම වරද වටහා ගත හැක්කේ කවරකුට ද? මගේ රහස්-දෝෂවලට කමා වුව මැනව. උඩඟු ලෙස පව් කිරීමෙන් මා වැළැක්වුව මැනව, ඒවායේ පාලනයට මා නතු නො වේවා. එවිට මම නිදොස් කෙනකු වන්නෙමි. මහත් අපරාධයෙන් නිදොස් වන්නෙමි. අහෝ ස්වාමින්වහන්ස, මගේ පර්වතයාණෙනි, මගේ මිදුම්කරුවාණනි, මගේ මුවෙහි වචන ද මගේ හදෙහි භාවනා ද ඔබට ප්‍රසන්න වේවා!