ගීතාවලිය 19:1-6

ගීතාවලිය 19:1-6 SCV

අහස, දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි; උන්වහන්සේගේ දෑතේ වැඩ විදහා දක්වන්නේ, ගුවනයි. දවසක් නෑර ඊළඟ දවසට ඒ ගැන පවසයි; රැයකින්, රැයකට නිරතුරු ඒ දැනගැන්ම බෙදයි. ඔවුන්ගේ කතාවට වදනක්, බසක්, ඇසෙනා කටහඬක් නැත. එහෙත්, ඔවුන්ගේ පණිවුඩය, පොළොව මුළුල්ලේ පැතිරේ; ඔවුන් පවසන වචන, ලොව එහා කෙළවරටත් දිවේ. උන්වහන්සේ හිරුට අහසේ වාස-භවනක් තනා දුන් සේක. හිරු තම මඟුල් මණ්ඩපයෙන් බැස එන මනාලයකු වැන්න; තම ඉසව්ව දිවීමට ලොල් වන ධාවන ශූරයකු වැන්න. ඔහු අහසේ එක් දිගන්තයකින් නැගී, අනෙක් දිගන්තය තෙක් තම චාරිකාව අරඹයි. ඔහුගේ තාපය නො වදින කිසිවක් නැත.