මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය; එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි. ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක. ඔබගේ සුරත මා උසුලා සිටියි. ඔබගේ මෘදුකම මා උසස් කර ඇත. මා ගමන් ගන්නා අඩි පාර ඔබ පුළුල් කළ සේක. එබැවින් මගේ පාද නො ලිස්සී ය. මම මගේ සතුරන් ලුහුබැඳ, ඔවුන් අල්ලා ගතිමි; ඔවුන් වනසා දැමෙන තුරු මම ආපසු නො හැරුණෙමි. නැගිටින්නට නො හැකි වන ලෙස මම ඔවුන් පොඩිකර දැමීමි; මගේ පා යට ඔවුහු වැටී ගියහ. යුද්ධයට ශක්තියෙන් මා සන්නද්ධ කළ ඔබවහන්සේ, මගේ එදිරිවාදීන් මගේ පයට යටවන්නට සැලසූ සේක. ඔබවහන්සේ මගේ සතුරන් හැරී පලා යන්නට සැලසූ සේක. මම මගේ එදිරිවාදීන් වනසා දැමීමි. ඔවුහු උදවු ඉල්ලා කෑ මොර දුන්හ; එහෙත් ඔවුන් ගලවන්නට කෙනකු නො වී ය. ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගැසූ නමුදු උන්වහන්සේ උත්තර නුදුන් සේක. සුළඟේ ගසා ගෙන යන ධූලි බවට පත් වන සේ මම ඔවුන් තළා දැමීමි. වීදිවල මඩ මෙන් මම ඔවුන් පාගා දැමීමි. ජනතාවගේ විරෝධතාවලින් ඔබ මා මුදා ලූ සේක; ජාතීන්ගේ හිස බවට ඔබ මා පත් කළ සේක. මා නො හැඳින සිටි ජනයා මට සේවය කරති. මා ගැන ඇසූ විගස ඔවුහු මට කීකරු වෙති. විදේශීහු මා ඉදිරියෙහි බැගෑපත් වෙති. දිරිය බිඳී ගිය විදේශීහු සැවොම වෙවුල වෙවුලා තම බළකොටුවලින් පිටතට එති.
ගීතාවලිය 18 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 18:34-45
3 Days
Share this College Devotional with others as Vance K. Jackson leads readers in this powerful, wisdom-packed Devotional. When I am afraid, I will put my trust in You. Don’t rely on your resources. Don’t rely on your intellect. Don’t rely on your net worth. Those things are temporal. Choose to trust in a Savior who holds eternity in His Hands. Surrender to Christ as you read this heart-transforming message.
Just Pray” is a 3-day devotional inspired by a dream—a dream in which I found myself in a battle I couldn’t win. Even when it looked like defeat was certain, I prayed a simple, desperate prayer. And in that moment, I survived what felt impossible. That experience reminded me that even the simplest prayers hold great power when spoken in faith. I hope that this devotional will encourage you, strengthen your faith, and remind you that no matter the circumstance, just pray.
4 Days
Burned out? Discouraged? Defeated? Most goals, plans, and even New Year’s resolutions focus on doing, working, achieving, and producing. But what if you need a different goal? Welcome to the Rest Well Resolution. Explore the Psalms through this 4-day devotional plan and actively receive God’s invitation to rest. Even in seasons that require hard work, you can still rest well.
5 Days
News regarding COVID-19 and the reality we have to face might be the cause of our increasing fear these days. Therefore, for the next five days, your faith will be encouraged so you can overcome your fear.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ