ගීතාවලිය 18:30-35
ගීතාවලිය 18:30-35 SCV
දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය; ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය; උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය. මන්ද, ස්වාමින්වහන්සේ මිස දෙවියන්වහන්සේ අන් කවුරු ද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයාණෝ අන් කවුරු ද? ශක්තියෙන් මා සන්නද්ධ කරන්නේ ද මගේ මාවත පරිපූර්ණ කරන්නේ ද දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ මගේ පාද මුවකුගේ පාද මෙන් කරන සේක; උන්වහන්සේ උස් තැන්හි සුරැකි ව පිහිටන්නට මට සලස්වන සේක. මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය; එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි. ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක. ඔබගේ සුරත මා උසුලා සිටියි. ඔබගේ මෘදුකම මා උසස් කර ඇත.





