ගීතාවලිය 18:1-6
ගීතාවලිය 18:1-6 SCV
මම ඔබට ප්‍රේම කරමි, අහෝ මගේ ශක්තිය වන ස්වාමින්වහන්ස, ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය; මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය. මා පිළිසරණ ලබන මගේ පර්වතය ය, මගේ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ මගේ පලිහ ය; මගේ ගැලවීමේ අඟ ය; මගේ සැඟවුම් පොළ ය. ප්‍රශංසා ලැබීමට සුදුස්සාණන් වූ ස්වාමින්වහන්සේට මම හඬ ගසමි; එසේ, මගේ සතුරන්ගෙන් මම ගලවනු ලබමි. මරණයේ රැහැන් මා වෙළා-පටලා ගත්තේ ය; විනාශයේ ජල ප්‍රවාහ මා යට කර දැම්මේ ය. ෂෙයෝලයේ රැහැන් මා වටා එතිණ. මරණයේ උගුල් මා අබියසට ම පැමිණින. මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට හඬ ගැසීමි; පිහිට ඉල්ලා, මගේ දෙවියන්වහන්සේට මොර ගැසීමි; ස්වකීය මාලිගයේ සිට උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක; මගේ මොරගෑම උන්වහන්සේ අබියසට ගොස්, උන්වහන්සේගේ සවන් වැකිණ.







