ගීතාවලිය 17:1-5

ගීතාවලිය 17:1-5 SCV

අහෝ ස්වාමින්වහන්ස, මගේ යුක්ති සහගත අයැදුම ඇසුව මැනව; මගේ මොර ගැසීමට සවන් දුන මැනව; මගේ තොල් අතරින් අවංක ව නැගෙන මගේ යැදුමට කන් දුන මැනව, මා නිදොස් වගට තීන්දුව ඔබගෙන් ම පැමිණේවා! නිවැරැද්ද ඔබේ ඇස්වලට පෙනේවා! ඔබ මා හද සෝදිසි කර බැලූ සේක; රැයෙහි මා විමසා බැලූ සේක; ඔබ මා පරීක්ෂා කළ සේක; එහෙත් ඔබට කිසි වරදක් හමු වූයේ නැත. මගේ මුවින් පව් නො කරන්නට මම නියම කර ගතිමි. මිනිසුන්ගේ ක්‍රියා ගැන සලකන කල, ඔබේ මුවින් පැවසූ වචන නිසා, මම සැහැසිකමේ මාවතින් මා වළකා ගතිමි. මගේ පියවර, ඔබගේ මාවත්හි පියමං කරයි. මගේ පා, එයින් ඉවතට ලිස්සා ගොස් නැත.

මෙයට අදාළ වීඩියෝ