ගීතාවලිය 16:1-3
ගීතාවලිය 16:1-3 SCV
මා ආරක්ෂා කළ මැනව, අහෝ දෙවියන්වහන්ස, මන්ද මම ඔබගේ සරණය ලබමි. ස්වාමින්වහන්සේට මම මෙසේ පැවසීමි: “ඔබ මගේ ස්වාමියාණෝ ය: ඔබෙන් තොර අන් සෙතක් මට නැත.” දේශයේ සිටින ශුද්ධවතුන් ගැන කියතහොත්, ඔවුහු ශ්‍රේෂ්ඨයෝ ය. මගේ මුළු ප්‍රමෝදය ඔවුන් වෙත ය.

