ගීතාවලිය 149:1-4

ගීතාවලිය 149:1-4 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. විශ්වාසවන්තවූවන්ගේ එකමුතුවේදී උන්වහන්සේගේ ප්‍රශංසාව ද ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ද ගායනා කරන්න. තම මැවුම්කරුවාණන් තුළ ඉශ්‍රායෙල් ප්‍රීති ප්‍රමෝද වෙත්වා; සියොනෙහි ජනයා තම රජ්ජුරුවන් ගැන සොම්නස් වෙත්වා! කිකිණි රබන් ගසා, වීණා වයා උන්වහන්සේට සංගීත නංවමින්, ඔවුහු නටමින්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරත්වා! මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා ගැන ප්‍රමෝද වන සේක; උන්වහන්සේ යටහතුන් ගැලවීමෙන් සරසවන සේක.