ගීතාවලිය 148:7-14

ගීතාවලිය 148:7-14 SCV

මිහි පිට සිට ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න, එම්බා මුහුදු සත්වයිනි, මුළු මහත් සයුරු ගැඹුරෙනි, විදුලිය හා ගල් වැස්සෙනි, හිම හා මීදුමෙනි, උන්වහන්සේගේ අණ ඉටු කරන කුණාටු සුළඟෙනි, කඳු හා හෙල් සියල්ලෙනි, පලතුරු ගස් හා දේවදාර ගස් සියල්ලෙනි, වන සතුන් හා ගෘහස්ත සත්ව සියල්ලෙනි, උරගයින් හා පියාඹන කුරුල්ලනි, පොළොවේ රජුන් හා සියලු ජාතීනි, මිහි පිට අධිපතීන් හා සියලු පාලකයිනි, යෞවන යෞවනියනි, මහල්ලනි, බාලයිනි. ඒ සියල්ලෝ ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරත්වා! උන්වහන්සේගේ නාමය පමණක් උත්කෘෂ්ට ය; උන්වහන්සේගේ ශෝභාලංකාරය පොළොවත්, අහසත් ඉක්මවා යයි. උන්වහන්සේ තම ජනයාට අඟක් ඔසවා දී ඇත්තේ, උන්වහන්සේගේ ශුද්ධවතුන් උදෙසා ය, උන්වහන්සේට සමීප ඉශ්‍රායෙල් ජනයා උදෙසා ය.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 148:7-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය