ගීතාවලිය 141:3-5
ගීතාවලිය 141:3-5 SCV
මගේ කට රැක ගැනීමට මුරකාවල් තැබුව මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙතොල් දොරටුව ළඟ රැකවල් තැබේවා. අයුතුකම් කරන මිනිසුන් සමඟ හවුල් වී, දුෂ්ට ක්‍රියාකාරකම්වල නො ගැලෙන පිණිස, නපුර වෙත ඇදෙන්නට මගේ හදවතට ඉඩ නො දුන මැනව; ඔවුන්ගේ රසමසවුළු බුදින්නට ද මට ඉඩ නුදුන මැනව. දමිටු මිනිසකු මට පහර දේවා; එය කාරුණිකත්වයකි. ඔහු මට තරවටු කරත්වා; එය මගේ හිසේ තෙල් ගැල්වීමකි. මගේ හිස එය ප්‍රතික්ෂේප කරනු නැත. එහෙත් මගේ යැදුම කවදත් දුෂ්ටකම් කරන්නන්ට එරෙහිව ය.

