ගීතාවලිය 137:1-9

ගීතාවලිය 137:1-9 SCV

සියොන මතක් වූ කල, බබිලෝනි ගංගා අසබඩ හිඳගෙන; අපි හඬා වැටුණේ, අපගේ වීණා එහි වූ පොප්ලර් ගස්වල එල්ලා තබලා ය. මන්ද අප අල්ලාගෙන ගිය අය අපගෙන් ගීත ඉල්ලූහ; අපට පීඩා කළ අය ප්‍රීති ගීත ගයන ලෙසට, “හා! අපට සියොන් ගීයක් ගයාපල්ලා” යි සමච්චලයෙන් පැවසූහ. කෙසේ නම් අපි මේ පිට දේශයකදී ස්වාමින්වහන්සේගේ ගීත ගයන්නෙමු ද? අහෝ යෙරුසලම, මට නුඹ අමතක වුවහොත්, මගේ දකුණතට එහි හුරුකම අමතක වේවා! මා ඔබ සිහි නො කරම් නම්, මගේ පරමානන්දය ලෙස යෙරුසලම නො සලකනවා නම්, මගේ දිව මගේ උඩු තල්ලේ ඇලේවා. යෙරුසලම වැටීමේ දවසේ, අහෝ ස්වාමින්වහන්ස, “එය බිඳ දමනු; එය බිඳ දමනු අත්තිවාරම් දක්වා ම” යයි ඒදොම්වරුන් පැවසූ හැටි ඔවුන්ට එරෙහිව සිහි කළ මැනව. විනාශයට කැප එම්බා බබිලෝනි දියණිය, නුඹ අපට කළ කම්වලට, නුඹට පල දෙවන ඇත්තා භාග්‍යවත් ය. නුඹේ ළදරුවන් උදුරාගෙන, උන් ගලේ ගසන්නා, භාග්‍යවත් ය.

ගීතාවලිය 137:1-9 සඳහා වීඩියෝව

ගීතාවලිය 137:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය