ගීතාවලිය 136:1-9

ගීතාවලිය 136:1-9 SCV

ස්තුති දෙන්න, ස්වාමින්වහන්සේට, මන්ද උන්වහන්සේ යහපත් ය. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේට. මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්තුති දෙන්න, ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේට: මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. තනි ව මහා ආශ්චර්යයන් කරන තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ස්වකීය බුද්ධියෙන් අහස තැනූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. ජල මතු පිට පොළොව ඇතුරූ තැනැන්වහන්සේට; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. මහා ආලෝක වස්තු තැනූ තැනැන්වහන්සේට– මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. දවාල පාලනයට හිරු; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය. රාත්‍රිය පාලනයට සඳ සහ තරු; මන්ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.

ගීතාවලිය 136:1-9 සඳහා වීඩියෝව

ගීතාවලිය 136:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය