ගීතාවලිය 135:1-6

ගීතාවලිය 135:1-6 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන්න; ස්වාමින්වහන්සේගේ සේවකයින් වන ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිටගන්නා, අපගේ දෙවියන්වහන්සේගේ ගෘහ මළුවල සිටින්නෙනි, ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න; මන්ද, ස්වාමින්වහන්සේ යහපත් ය. උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා ගී ගයන්න, මන්ද එය ප්‍රසන්න ය. ස්වාමින්වහන්සේ, තමන්ට ම යාකොබ් ද තම අගනා වස්තුව ලෙස ඉශ්‍රායෙල් ද තෝරාගත් සේක. ස්වාමින්වහන්සේ ශ්‍රේෂ්ඨ වග, අපගේ ස්වාමින් සියලු දෙවිවරුනට වඩා ශ්‍රේෂ්ඨ වග මම දනිමි. ස්වාමින්වහන්සේ අහස් තුළ ද පොළොව පිට ද සාගර තුළ හා මුළු ගැඹුරේ ද තමන් අබිමත කවරක් වුව කරන සේක.