ගීතාවලිය 132:11-18

ගීතාවලිය 132:11-18 SCV

ස්වාමින්වහන්සේ උන්වහන්සේ ම අවලංගු නො කරන නියත දිවුරුමක් දාවිත්ට ශපථ කළේ මෙලෙසිනි: “ඔබගෙන් පැවත එන, ඔබේ ම පුත්‍රයකු මම ඔබේ සිහසුනේ හිඳුවන්නෙමි; ඔබගේ පුත්‍රයෝ මගේ ගිවිසුම ද මා ඉගැන් වූ මගේ පනත් ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුතුන් සදහට ම ඔබගේ සිංහාසනය දරනු ඇත.” මන්ද ස්වාමින්වහන්සේ සියොන් පුරය තෝරාගත් සේක්, එය ස්වකීය වාසස්ථානය කර ගැනීමට ආශා වූ සේක; “සදහට ම මගේ විවේක ස්ථානය මෙයයි, මම එහි සිහසුන්ගත වන්නෙමි. මන්ද මගේ අභිලාෂය එයයි. මම ඇයට ආහාර බහුලත්වයෙන් ආශිර්වාද කරන්නෙමි; ඇගේ දිළිඳුන් භෝජනයෙන් තෘප්තිමත් කරන්නෙමි. මම ඇගේ පූජකයින්ට ගැලවීමේ සළු පලඳවමි; එහි ශුද්ධවතුන් සැමදා ප්‍රීති ඝෝෂා නගනු ඇත. “මම දාවිත්ට දළු ලන අඟක් එහි සාදන්නෙමි. මගේ අභිෂේක ලත් තැනැත්තාට මම පහනක් සූදානම් කළෙමි. මම ඔහුගේ සතුරන් ලජ්ජාවෙන් හඳවන්නෙමි. එහෙත් ඔහුගේ හිසේ ඔටුන්න දීප්තියෙන් බැබළේ.”