ගීතාවලිය 132:10-12

ගීතාවලිය 132:10-12 SCV

ඔබගේ සේවක දාවිත් නිසා ඔබගේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් ඔබගේ මුහුණ ඉවත නො හැරෙවුව මැනව. ස්වාමින්වහන්සේ උන්වහන්සේ ම අවලංගු නො කරන නියත දිවුරුමක් දාවිත්ට ශපථ කළේ මෙලෙසිනි: “ඔබගෙන් පැවත එන, ඔබේ ම පුත්‍රයකු මම ඔබේ සිහසුනේ හිඳුවන්නෙමි; ඔබගේ පුත්‍රයෝ මගේ ගිවිසුම ද මා ඉගැන් වූ මගේ පනත් ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුතුන් සදහට ම ඔබගේ සිංහාසනය දරනු ඇත.”